Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රමිකයින් යැවීම රජයෙන් පමණයි

මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රමිකයින් යැවීම රජයෙන් පමණයි

මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රමිකයින් යැවීම රජයෙන් පමණයි

මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(15) පැවසීය.

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කරගත් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට අනුව මෙය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබූ ශ්‍රී ලංකිකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අයකිරීම පිළිබඳව තොරතුරු ලැබී තිබූ අතර මෙම හේතුව මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මඟින් එරටට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිඳු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ශ්‍රී ලංකීක ශ්‍රමිකයින් යැවීමට අවස්ථාවක් හිමි නොවන බවය. එම නිසා ඊශ්‍රායලයට ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් යැවීම පිළිබඳව සමහරු සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඊශ්‍රායලයේ මේවන විට පවතින කෝවිඩ් වසංගත තත්ත්වය අවසන් වූ වහාම එරටට මෙරට ශ්‍රමිකයින් යැවීමේ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන බවය.
ඒ අනුව විශේෂ සේවා ගාස්තු අය කිරීමකින් තොරව ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයින්ට යෑමට වරම් ලැබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරීවරයා පැවසීය.

Exit mobile version