Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මස් සඳහා ගව ඝාතනය

හරක් මස්

හරක් මස්

යටවී තිබී නැවත මතු වූ වර්තමාන මාතෘකාවක්. හිටිගමන් තහනමක් දක්වා කරලියට පැමිණ තිබෙනවා. තහනම ලබන මස සිට ක්‍රියාත්මක කිරිමේ තීරණයක් ඇති බවට ප්‍රවෘත්ති පලවෙනවා.

මේ ගැන කථා කලයුතුයි නේද?

ගව මස් තමන්ගේ ආහාරයේ කොටසක් ලෙස සලකන අය මේ සම්භන්ධව කරන්නේ කුමක්ද? මෙම ව්‍යාපාරයේ දීර්ග කාලයක් තිස්සේ රැඳී සිටින වෘත්තිකයන් ඉරණම කුමක්ද?

ගව මස් දැනටමත් ආනයනය කරන බැවින් එම ප්‍රමාණය වැඩි කිරිමෙන් පහසුවෙන්ම ප්‍රශ්ණය විසඳෙන බව දැනටමත් ප්‍රකාශ වී ඇත.

තහනමට මූලික හේතුව කුමක්ද? මස් පිණිස ගව ඝාතනය කිරීමේදී දැනට ඇති නීති රීති උල්ලංගනය කිරීම් නිසාත් ඒ අනුව කෙරෙන්නා වූ වංචා දූෂණ නතර කිරීමේ පියවරක් ලෙස මස් පිණිස ගවඝාතනය තහනම් කරන්නේද? නැතිනම් සත්ව හිංසනය යන්න ප්‍රධන කාරණය වන්නේද? නැතිනම් මෙය ජනප්‍රිය මාතෘකාවක් පමණක්ද?

ගව මස් ආහාරයට ගැනීමේ ආදීනව පිළිබඳව සාකච්ඡාවක් ප්‍රමාණවත්ව රට තුල කථාබහට ලක්වී තිබේද? එම කර්මාන්තය තුලින් දැනට සමාජයට අත්කර දී ඇති අහිතකර බලපෑම් මොනවාද? ගව මස් ආහාරයට ගැනීමෙන් ශරීරයට ඇති අතුරු පල මොනවාද? අර්ථශ්‍රාස්ත්‍රඥයින් මෙන්ම වෛද්‍යවරුන් මේ පිළිබඳව දරන අදහස් මොනවාද?

පශු සම්පත් ලෙසින් ලොව පුරා ව්‍යප්තව පවතින ගව මස් කර්මාන්තය අපට නොගැලපෙන්නේ අපේ ආගමික හා සංස්කෘතික හැදියාවන් අනුවද? මේ හැදියාව බෞද්ධ- සිංහලයන්ට හා හින්දු භක්තික-ද්‍රවිඩයන්ට පමණක් සුවිශේෂ වූවක් නොවන්නේද? එසේ වූ විට අපේම සමාජයේ ගව මස් බුදින මුස්ලිම් හා ක්‍රිස්තු භක්තික සිංහලයාට පමණක් නොව ගව මස් ආහාරයට ගන්නා බෞද්ධ පුරවැසියාට මෙම තහනම ගලපා ගන්නේ කෙසේද?

එසේම මසුන් මැරිම, කුකුල් ගොවිපොල නිශ්පාදන, ඉස්සන් වගාව, එලු පාලනය ආගමික මතවාදයන් හා ගලප්පන්නේ කෙසේද? එසේම ගව ඝාතනය නතර කිරීමෙන් පසු ගව පාලනයේ යෙදී සිටින කණ්ඩායමට ඉතිරි වන ආර්ථික වශයෙන් පලදායීත්වයෙන් තොර, සතුන් නඩත්තුව වෙනුවෙන් දැරිය යුතු අමතර භාරය ගව පාලන ගොවීන් හෝ ආයතන විසින්ම භාර ගන්නේද? ඔවුනට එම හැකියාව ඇද්ද?

සත්ව ඝාතනය යන්න අපට දැනෙන අයුරින් ආගම හා බැඳුණු සංස්කෘතික
ප්‍රශ්නයකි. ආගමික මතවාද හා බැඳුණු සංස්කෘතියක් නොවේනම් ලෝකය මීට වඩා අති භයංකර තත්වයක පවතින බව නම් සහතිකය. එහෙත් වර්තමාන තරඟකාරී ලෝකයේ මේ මතවාද ඔස්සේ යා හැකි දුරට යම් යම් සීමා පවතී. එබැවින් අපගේ සිතුම් පැතුම් කාලානුරූපව සකසා ගත යුතු නොවන්නේද? අලුත් අදහස්වලට ඉඩ————.

එන්. එම්. කැප්පෙටිපොල

Exit mobile version