Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වනාතවිල්ලුවේ රක්ෂිතයක් නැවතත් අනවසරයෙන් එළිකරලා – “වයඹ හඬ” හෙළි කරයි

වනාතවිල්ලුවේ රක්ෂිතයක් නැවතත් අනවසරයෙන් එළිකරලා – “වයඹ හඬ” හෙළි කරයි

වනාතවිල්ලුවේ රක්ෂිතයක් නැවතත් අනවසරයෙන් එළිකරලා – “වයඹ හඬ” හෙළි කරයි

වනාතවිල්ලුව, එළුවන්කුලම රක්ෂිතයේ මංගලපුර, කූරටියා මොහොට්ටේ ප්‍රෙද්ශයේ අක්කර පහක පමණ භූමියක් නැවතත් විනාශ කර දමා ඇතැයි වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා යළි අනාවරණය කරයි.

ඒ, මීට පෙර එම රක්ෂිතයේ අක්කර 100ක පමණ භූමියක් විනාශ කර කර තිබූ පසුබිමකය.

වනාතවිල්ලුව එළුවන්කුළම ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කර ඇති බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් විසින් අනාවරණය කරණ ලදී.

මෙම රක්ෂිතය විනාශයට ලක්ව ඇත්තේ 1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත ආඥා පනතට අනුව මෙම භුමිය ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා සිමෙන්ති කර්මාන්ත ශාලාවකට බදු දී ඇති පසුබිමකය.

රක්ෂිතයට හානි නොවන අයුරින් කටයුතු කළ යුතු වුවද සිමෙන්ති සමාගමෙන් අතුරු බදු ගත් සමාගම් රක්ෂිතය එළිපෙහෙළි කර ඇත්තේ නීතියට පටහැනිව බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයඹ පරිසර සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින්, මංගලපුර, කූරටියා මොහොට්ටේ ප්‍රෙද්ශයේ අලුතින් එළිපෙහෙළි කර ඇති එම ප්‍රදේශයට ඊයේ (12) පැමිණියේ ය.

කළුවර, වීර, පලු ඇතුළු වනාන්තර ආශ්‍රිතව වැවෙන ගස් රැසක් විනාශ කර ඇති ආකාරය එහිදී දක්නට ලැබුණි. පරිසර සංවිධාන නියෝජිතයින් මෙම වන විනාශය සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම්වරයාව දැනුවත් කළේය.

Exit mobile version