Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගව ඝාතනය තහනම්: අගමැතිගේ යෝජනාව සම්මතයි, පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක්

ගව ඝාතනය තහනම්

ගව ඝාතනය තහනම්

ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.

ඊයේ (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබේ.එම යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර ඇත.

කෙසේ වෙතත් එම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන අතර  ආනයනය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා පරිභෝජනය සඳහා අවශ්‍ය ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version