Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

NEW DIAMOND නෞකාවේ අභ්‍යන්තරයෙන් යළි ගින්නක්

NEW DIAMOND නෞකාවේ අභ්‍යන්තරයෙන් යළි ගින්නක්

NEW DIAMOND නෞකාවේ අභ්‍යන්තරයෙන් යළි ගින්නක්

අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් MT NEW DIAMOND නෞකාවේ අභ්‍යන්තරයෙන් ඊයේ(07) සවස යළි ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

මුහුදේ හටගත් අධික සුළං නිසා අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇත.

පසුගිය දා නෞකාවේ ඇතිව තිබූ ගින්න ප.ව 03.00 පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වුණා.

කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් මේ වන විට නැවත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරමින් සිටී.

Exit mobile version