Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් රට පුරා ගිය නිසා තමයි රටපුරා වැස්සේ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් රට පුරා ගිය නිසා තමයි රටපුරා වැස්සේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් රට පුරා ගිය නිසා තමයි රටපුරා වැස්සේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ජනතාවගේ වෙනස්ම මානසිකත්වය හේතුවෙන් ජනතාව රජයට මෙතරම් ශක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

“ජනාධිපතිතුමා ගම්වලට යද්දී ‘අපේ දෙවියන් එනවා’ කියන රට මේක, ඒවගේම ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් රට පුරා ගිය නිසා තමයි රටපුරා වැස්සේ ” යනුවෙන් පවසන මානසිකත්වයක ජනතාව සිටින විට ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කිරීම නිශ්ඵල දෙයක් බවත්, මෙනිසා දෙන දෙයක් කා තම තමන්ගේ වැඩක් බලාගත යුතු බවත් ඇය සඳහන් කළාය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනු ලැබුවහොත් නැවතත් ජනාධිපති ධූර කාලයට සීමාවක් නොමැති වේ. ජනාධීපති ගෝඨාභය රාජපක්ෂට පසුව බැසිල් රාජපක්ෂ එම තනතුරට පැමිනේ.

“මේ රටේ රාජපක්ෂවරුන් විතරද රට පාලනය කරන්නේ?” යැයි ප්‍රශ්න කළ ඇය සාමාන්‍ය දේශපාලකයෙකුට ඉඩ නොදෙන මෙම තත්වය භයානක තත්වයක් බවත් තව දුරටත් ඇය සඳහන් කළාය.

Exit mobile version