Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිව රෝගාතුරව මාස 5ක කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින රම්සි රාසික්

රම්සි රාසික්

රම්සි රාසික්

වැලිකඩ බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබන සමාජ ක්‍රියාකාරී රම්සි රාසික් හට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරයන් නොමැතිව දුක් විඳින බව පැවසේ. ඔහුගේ අතෙහි ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇතත් ඒ සඳහා ජාතික රෝහලකට ඔහුව රැගෙන යෑමට කල් ගත කරන බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසති.

මුහුණු පොතේ පල කළ සටහනක් සම්බන්ධයෙන් සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් නීතිය (ICCPR) යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. මෙතෙක් මහේස්‍රාත් අධිකරණයේ විභාග කළ මොහුගේ නඩුව ලබන මේ මස 17 වන දින ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.

රම්සි රාසික් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රකාරව දැක්වු නිහතමානී අදහස් නිසා ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති බව සිවිල්, සමාජීය සහ මානව අයිතිවාසිකම් සංවිධාන දොස් නගති. තවද ඔහුගේ නිදහස වෙනුවෙන් නොයෙකුත් දේශීය මෙන්ම විදෙස් මානව අයිතිවාසාකම් සංවිධාන හඬනගන අතර ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතු බව අපේක්ෂා කරති.
-MediaLK-

Exit mobile version