Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුවසැරිය ගිලන් රථ සේවාව මානසික රෝගී ප්‍රතිකාර සේවයටත් එක්කිරීමට වැඩපිළිවෙලක්

සුවසැරිය ගිලන් රථ සේවාව

සුවසැරිය ගිලන් රථ සේවාව

කොවිඩ් -19 වැලඳුනු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට ගෙනයාමේදී මෙන්ම හදිසි අනතුරු සහ අනෙකුත් හදිසි කායික රෝග තත්ත්වවලදී සුවසැරිය (1990) ගිලන් රථ සේවාව උපයෝගී කරගන්නා ලෙසම මානසික රෝග වලින් පෙලෙන්නන් හදිසියේ රෝහල් ගත කිරීමට සිදුවන විටදී ද එම සේවාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නව වැඩපිළිවෙලක් ඇරඹෙයි.

මෙතෙක් කල් මානසික රෝගී තත්ව වලින් පෙලෙන පුද්ගලයන් විටින් විට හදිසියේ රෝහල් ගත කිරීමට සිදුවන විට සුවසැරිය ගිලන් රථ සේවාව උපයෝගී කර ගැනීමෙන් රෝගියාගේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමටද හැකිවෙයි.

වඩාත් නිවැරදි ප්‍රතිකාර කඩිනමින් රෝගියාට ලබාදීමට හැකිවීමත්, රෝගියාගේ ඥාතීන්ට හෝ භාරකරුවන්ට විශාල පහසුවක් සැලසීමත් මෙම නව ක්‍රමයෙන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා කියයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සුවසැරිය කාර්ය මණ්ඩල මේ වෙනුවෙන් පුහුණු කිරීම අරඹා ඇත. මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම හා රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව විශේෂිත ආචාර ධර්ම පද්ධතියක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කල යුතු බැවින් රෝහල් බලධාරීන් හා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් සමගද සාකච්ජා කොට එකඟතාව ලබාගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඔහු මේ බව අනාවරණ කළේ ය.මෙම ව්‍යා පෘ තියේද මුල්‍ය අනුග්‍රහයෙන් වැඩපිලිවෙල අදියරෙන් අදියර දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

Exit mobile version