Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ දෙමළ භාෂා අයිතීන් අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් – හර්ෂ ද සිල්වා

"ජනපති ගෝඨාභයගේ කළමනාකරණය අසාර්ථකද?" - ප්‍රශ්න නඟන විරුද්ධ පක්ෂය

"ජනපති ගෝඨාභයගේ කළමනාකරණය අසාර්ථකද?" - ප්‍රශ්න නඟන විරුද්ධ පක්ෂය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධන මගින් දෙමළ භාෂාවට ඇති අයිතිය අහෝසි කිරීම සඳහා කුමන්ත්‍රණයන් සිදුකරන බව හිටපු අමාත්‍යවරයෙකු වන හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කිරීමේ උත්සාහයක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තවත් ව්‍යවස්ථාවන් කිහිපයක් සංශෝධනය කරමින් දෙමළ භාෂාවට ඇති අයිතිය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවති. ශ්‍රී ලංකාව තුළ භාෂාව පදනම් කරගත් ගැටලු වඩාත් උග්‍ර වී ඇති බැවින් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ හා සිංහල භාෂා මගින් පරිපාලනය සඳහා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

තවද, වර්තමාන තත්ත්වය භාවිතා කරගෙන දෙමළ භාෂාව භාවිතයෙන් බැහැර නොකළ යුතු බව ද, සිංහල පුවත්පතක දක්නට ලැබූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සම්මුඛ සාකච්ඡා ජාතිවාදී බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් දැනට කරනු ලබන සංශෝධනයන්, එනම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පමණක් නොව 13, 14, 16 සහ 17 වැනි සංශෝධන සියල්ලෙහිම වෙනස්කම් කිරීමේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Exit mobile version