Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ ඉහළම ධනවතුන්ගෙන් අය නොකරපු හිග බදු මුදල කෝටි 41,715ක්, ආදායම් දෙපාර්තමේන්තුව අසමත්!

ලංකාවේ ඉහළම ධනවතුන්ගෙන් අය නොකරපු හිග බදු මුදල කෝටි 41,715ක්! ආදායම් දෙපාර්තමේන්තුව අසමත්!

ලංකාවේ ඉහළම ධනවතුන්ගෙන් අය නොකරපු හිග බදු මුදල කෝටි 41,715ක්! ආදායම් දෙපාර්තමේන්තුව අසමත්!

2019 වසරේ ජුනි 30 වන විට අය නොකර ගත් හිග බදු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි 41,715ක් බව විගණකාධිපති වාර්තාවකින් අනාවරණය ‌වේ.

ලංකාවේ ඉහළම ධනවතුන්ගෙන් ආදායම් මත අය කර ගනු ලබන බදු සහ සමාගම් විසින් රජයට නොගෙවන ලද වැට් බදුද වශයෙන් මෙබඳු අති විශාල බදු පැහැර හැරීමක් සිදුව ඇත. එම වාර්තාව හෙළිදරව් කොට ඇති දත්ත අනුව 2019 ජුනි 30 වන විට හිඟ බදු මුදල රුපියල් කෝටි 3099ක් වන අතර ඉන් 58.8%ක් අය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ඒ අනුව බදු මුදල්වලින් 41.2%ක් ඒනම් රුපියල් කෝටි 1277ක් අයකරගෙන ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනෙක් පරිගණක පද්ධතියේ දත්ත අනුව රුපියල් කෝටි 38,616ක හිඟ බදු මුදලක් පවතින අතර ඉන් 96%ක් බදු අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඉතිරි 4% එනම් රුපියල් කෝටි 1630ක් අය කර ගත යුතුව ඇත. ඒ අනුව දැනට කිසිම බාධාවකින් තොරව අය කර ගත හැකි බදු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි 2908කි.

අනෙක් බදු මුදල් ප‍්‍රමාණය තාවකාලිකව නතර කර ඇති අතර එය අවසන් වීමෙන් අනතුරුව එම බදු මුදල්ද අය කර ගත හැකිව තිබිණි. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම හිඟ බදු මුදල් අය කර ගැනීමට මේ වන තෙක් අසමත් වී ඇත.
-lankaviews-

Exit mobile version