Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ කාර්යාල ගොඩනැගිලි කුලිය විතරක් මාසෙට ලක්ෂ දහස පනියි

ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ කාර්යාල ගොඩනැගිලි කුලිය විතරක් මාසෙට ලක්ෂ දහස පනියි

ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ කාර්යාල ගොඩනැගිලි කුලිය විතරක් මාසෙට ලක්ෂ දහස පනියි

කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යාම වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ දහසකට (රු. ලක්ෂ 1000) අධික මුදලක් ආණ්ඩුව වැය කරමින් සිටින බව වාර්තා වේ.

මෙය වසර පහ අවසන් වනවිට එ රුපියල් ලක්ෂ හැටදහස (රු. ලක්ෂ 60,000) ඉක්මවන මුදලකි.

දැනට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමාත්‍යාංශය සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පෞද්ගලික අංශයට ගෙවන බව වාර්තා වේ.

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වෙනි මහලේ පවත්වාගෙන යන අතර ඇමතිවරයා හා කාර්ය මණ්ඩලය සඳහා නැගෙනහිර කුළුණේ 36වැනි තට්ටුව වෙන්වී ඇත. මෙම මහල් දෙක සඳහා මාසිකව ලක්ෂ 80ක මුදලක් ගෙවන බව සඳහන් වේ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේම පවත්වාගෙන යන සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක කුලී මුදලක්ද ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලක්ෂ 80ක කුලී මුදලක්ද වැය කරන බව වාර්තා වේ.

කොල්ලුපිටියේ පිහිටි විදුලි බල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයෙකුට සම්බන්ධ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 30ක කුලී මුදලක්ද උඩරට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි අතර එම කාර්යාලය සඳහා මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ 20ක්ද මුදලක්ද ගෙවනු ලැබේ.

රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 22ක මුදලක් ගෙවනු ලබයි. දැනට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලේ පිහිටුවීමට යන බවද වාර්තා වේ.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය ඉන් ඉවත් කර අපේගම පරිශ්‍රය වෙත ගෙනයාමට තිරනය කර ඇති බවද මේ අතර වාර්තා වේ.

පැවති රනිල්,මෛත්‍රී පාලන සමයේදීද මෙලෙසම අමාත්‍යාංශ ගොඩනැගිල් සඳහා විශාල මුදලක් වියදම් කළ අතර කෘෂිකර්ම ගොඩනැගිල්ල ඉන් ආන්දෝලනාත්මක එකකි.
– ඉරිදා ලංකාදීපය-

Exit mobile version