Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 60% ක්ම වයසක මහලු අය ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 60% ක්ම වයසක මහලු අය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 60% ක්ම වයසක මහලු අය

එක්සත් ජාතික පක්ෂය හා අප ජන බලවේගය පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් නොකළ තත්වයක මන්ත්‍රීන් 223ක සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.

මිනීමැරුම් චෝදනාවට බන්ධනාගාර ගත කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව තරඟ කළ දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ නායක පිල්ලෙයාන් පක්ෂය වෙනුවෙන් කථානායකවරයාට සුභ පැතුම් ඵල කළේය. එලෙසම තවත් සිරකරුවකු වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයතිලක මහතාද බන්ධනාගාරයේ සිට පැමිණ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් වයස්ගතම මන්ත්‍රීවරයා ලෙස අවුරුදු 87ක් වයසැති සම්බන්දන් මහතා සහභාගි විය. සී.වී.විග්නේස්වරන් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අවුරුදු 81-90 වයස් පරතරයේ සිටින අනෙක් මන්ත්‍රිවරැන්ය.

පාර්ලිමේන්තුවට තේරී පත්වූවන් පිළිබඳව ලබාදුන් මාර්ගගත තොරතුරු ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 87 දෙනෙකු වයස අවුරුදු 50ට අඩු අය වෙති. මොවුන්ගෙන් අවුරුදු 30ට අඩු මන්ත්‍රීවරුන් 05 දෙනෙක් සිටිති. ලාබාලතම මන්ත්‍රීවරයා අවුරුදු 26 ක් වයසැති ජීවන් තොණ්ඩමාන් මහතාවේ. වයස 30-40 අතරේ 21 දෙනෙක්ද, වයස 40-50 අතරේ 60 දෙනෙක්ද, වයස 50-60 අතරේ 54 දෙනෙක්ද, වයස 60-70 අතරේ 37 දෙනෙක්ද, වයස 70-80 අතරේ 09 දෙනෙක්ද, වයස 80-90 අතරේ 03 දෙනෙක්ද පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ඒ අනුව වයස අවුරුදු 50 ට වැඩි සියයට 60 ක් ද අවුරුදු 50 ට අඩු සියයට 40 ද පාර්ලිමේන්තුව නියෝජනය කරති.

Exit mobile version