Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(වීඩියෝ) සිංහරාජය මැදින් වැටෙන්නේ සිංහල බෞද්ධ මාර්ගයකි, ඒ සඳහා ‘දේශප්‍රේමය’ අදාල නැත්තේ ඇයි? – චින්තන

චින්තන ධර්මදාස

චින්තන ධර්මදාස

”විල්පත්තුව මැදින් කැපුනේ මුස්ලිම් පාරකි. එය ‘මක්කම’ යන මාර්ගය විය හැකි නිසා සෙස්සෝ ඊට උරණ වීම සාධාරණය.එහෙත් සිංහරාජය මැදින් වැටෙන්නට යන්නේ සිංහල බෞද්ධ මාර්ගයකි.” යයි ප්‍රකට දේශපාලන විචාරක චින්තන ධර්මදාස පවසයි.

විල්පත්තුව හරහා පාරක් කපන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශකරමින් ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් තබමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කර ඇත.

”යුනෙස්කෝව විසින් සිංහරාජය ලෝක උරැමයක් කර ඇති නිසා එය රැක ගැනීම තනිකරම අපේ වැඩක් ද නොවේ. එය ලෝකයේ යුතුකමකි. ඊට අප මැදිහත් විය යුතු නැත. ඉතිං අප ගස් කපත් නම් ඇමරිකාව හෝ චීනය මැදිහත් වී ඒවා වැලැක්විය යුතුය.

සිංහරාජය රැක ගන්න ඇමරිකාවට උවමනාවක් නැත්නම් අප කරදර වන්නේ කුමටද? එක්කෝ වැඩිම ස්වභාවික ලෝක උරැමයන් ඇති චීනයට අප සිංහරාජය විකුණා දැමිය යුතුය. එවිට එය රැක ගැනුම චීන්නුන් සතුය.

විල්පත්තුව වැනි යුනෙස්කෝවේ කුමන්ත්‍රණ වලට හසු නොවූ ලංකාවටම පමණක් උරැම වූ වනාන්තර රැක ගැනීමට නම් ජනයා එක් වීම යුක්ති යුක්තය.

අනෙක විල්පත්තුව මැදින් කැපුනේ මුස්ලිම් පාරකි. එය ‘මක්කම’ යන මාර්ගය විය හැකි නිසා සෙස්සෝ ඊට උරණ වීම සාධාරණය.

එහෙත් සිංහරාජය මැදින් වැටෙන්නට යන්නේ සිංහල බෞද්ධ මාර්ගයකි. එය නිවනට යන මගය. ඊට විරැද්ධ වීම සසර දික් කර ගැනීමට හේතු කාරණා විය හැකිය.”

මේ අතර ‘සැබෑ දේශප්‍රේමියෝ’ ලේබලය යටතේ #trupatriotlk සමාජ ජාලා තුළින් මේමස 20 වන දින වීඩියෝවක් මුදාහරිමින් චින්තන මෙසේ පවසයි.

Exit mobile version