Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව පසෙකලා දෙමළ ජනයාට විසඳුමක් සෙවිය නොහැකියි – නීතිඥ ශ්‍රීකාන්තා

ඉන්දියාව පසෙකලා දෙමළ ජනයාට විසඳුක් - නීතිඥ ශ්‍රීකාන්තා

ඉන්දියාව පසෙකලා දෙමළ ජනයාට විසඳුක් - නීතිඥ ශ්‍රීකාන්තා

ඉන්දියාව පසෙකලා ලංකාවෙ පවතින දෙමළ ජනතාවගේ ගැටලුවට සාධාරණ විසදුමක් දිනා ගත නොහැකියි යන යතාර්ථය අපේ ජනතාව තේරුම් ගත යුතු බව දෙමළ ජාතික පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීකාන්තා යාපනයෙහි පැවති පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

සිංහල බෞද්ධ ජාතිවාදී න්‍යාය පත්‍රයක් සමග තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ආණ්ඩුව පිහිටුවා ඇති මේ මොහොතේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කොට ස්ථිර විසදුමක් උදෙසා සැලසුම් කල යුතු අවස්ථාවක සිටින බවත්, මැතිවරණයෙන් අප බලාපොරොත්තු වූ ජයක් නොලැබුණද යාපනය දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනා ගැනීමට හැකිවීම අප සැමගේ උත්සාහයන්ගේ අවම ප්‍රතිඵලය බවත් පවසා සිටියේය.

ඉන්දු ලංකා ගිවිසුම යටතේ පළත් සභා ක්‍රමය හදුන්වා දීමෙන් අනතුරුව ඇතැම් බලතල විමධ්‍යගත කරනු ලැබුවද ඒ යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ පොලිස් සහ ඉඩම් සම්බන්ධ බලතල මෙතෙක් පළාත් සභාවලට විමධ්‍යගත කර නොමැති අතර, පත්වී ඇති රජයේ පළාත් සභා සඳහා රාජ්‍ය අමාත්‍යවරයාට මෙම බලය ලබා දිය නොහැකි බවත් සම්මත කරගනු ලබන නව ව්‍යවස්ථාව තුළ පළාත් සභා සඳහා පොලිස් සහ ඉඩම් බලතල නොමැති බවත් ප්‍රසිද්ධියේ පවසා ඇත.

මෙතෙක් පත්වූ සියලූම රජයන් මෙවැනි ගැටලුවලදී ස්ථිර විසදුමක් ලබා නොදී කල්මරා ඇත. කවුරු කෙසේ කීවත් මෙම කලාපයේ බලවතා ඉන්දියාවයි. ලංකාවෙ පවතින දෙමළ ජනතාවගේ ගැටලුවට සාධාරණ විසදුමක් දිනා ගැනීමේදී ඉන්දියාව ප්‍රතික්ෂේප කළ නොහැකියි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ඉන්දියානු මැවීමක්. එය විකෘති කිරීම වැලැක්වීම ඉන්දියාවේ වගකීමක් බව තරයේ පැවසීමට අප කිසිවෙක් පැකිළෙන්න නැති බව පවසා සිටියේය.
– තමිළ්වින්

Exit mobile version