Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලි රාජ්‍යයේ හමුදා කැරැල්ලක්, ජනපති ඉල්ලා අස්වෙයි..

මාලි රාජ්‍ය - Malian President Ibrahim Boubacar Keita

මාලි රාජ්‍ය - Malian President Ibrahim Boubacar Keita

Ibrahim Boubacar Keita – ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා

අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා පෙරේදා(18) දින ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ.

පෙරේදා(18) දින මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක් ඇති වූ අතර එහිදී බලය අත්පත් කරගත් හමුදා බල ඇණි පසුව මාලි හි ජනපති මැදුරට කඩා වැදී එහි සිටි ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා හා ඔහු සමග ඒ මොහොතේ රැදී සිටි අගමැති වරයාද අත්අඩංගුවට ගෙන රදවා ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.

ඊට අමතරව ජනපතිවරයාගේ පුත්‍රයා වන පාර්ලිමේන්තුවේ කතානායක වරයා මෙන්ම විදේශ අමාත්‍ය හා මුදල් ඇමති වරයා ඇතුළු රජයේ ප්‍රබලයින් කීප දෙනෙක් ද අත්අඩංගුවට ගෙන රදවා ගන්නා ලදී.

මෙසේ කැරලිකාර හමුදා ප්‍රධානීන්ගේ අත්අඩංගුවට පත් වූ ජනපති ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා පසුව ජාතිය අමතමින් රුපවාහිනිය තුලින් ප්‍රකාශ කලේ රටේ ආරක්ෂාව හා සාමය ඇති වීම සදහා තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් එසේම පාර්ලිමේන්තුවද වහාම විසුරුවා හැර දැමීමට නියෝග කරන බවයි.

ලේ වැගිරීම් වලක්වා ගැනීම සඳහා තමාට ඒ හැර වෙනත් තේරීමක් නැති බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ මාලි රාජ්‍ය බලය හමුදාව යටතට පවරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාලි රාජ්‍යයේ ඇති වී තිබෙන මෙම තත්වය පිලිබදව අද දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ජා කිරීමට නියමිතය.
-dm-

Exit mobile version