Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

74ක් වයසැති අගමැතිට , රාජ්‍ය ආයතන 85ක් පාලනය කරන්න ජවයක් තියෙනවද? – මයන්ත දිසානායක අසයි

මහින්ද රාජපක්ෂ - මයන්ත දිසානායක

මහින්ද රාජපක්ෂ - මයන්ත දිසානායක

අවුරුදු 74ක් වයසැති අගමැති මහින්ද රාජපක්ෂ යටතේ රාජ්‍යය ආයතන 85ක් ගෙන ඇත. වයස්ගත පුද්ගලයෙකු විසින් ඒවා කාර්යක්ෂමව හසුරුවන්නේ කෙසේදැයි එක්සත් ජනතා බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර ඇත.

ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේ, රාජපක්ෂ වරුන්ට අවශ්‍ය පරිදි නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අනතුරක්ද පවතින බවයි.
තවද,ව්‍යවස්ථානුකූලව 19වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ පවත්වා ගත නොහැක. එසේ තිබියදීත් ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි ආරක්ෂක අමාත්‍යංශය තමා යටතේ තබාගෙන ඇති බව පෙන්වා දුන්නේය.
මෙවැනි තත්වයක් උඩ රාජපක්ෂවරු බලය තමන් සතුව පවත්වාගෙන යෑමට හැකි පරිදි නව ව්‍යවස්ථාව ඇති කිරීමේ අවධානමක්ද පවතින බව සඳහන් කර සිටියේය.
එබැවින් එයට විරුද්ධව ද, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාද සටන් කිරීම සඳහා එක්වන ලෙස සෑම පාර්ශවයන්ගෙන්ම ඔහු ඉල්ලා සිටියේය.

-තමිළ්වින්

Exit mobile version