Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනායක හිමිවරුන් ඉදිරියේ : අගමැතිගෙන් ඥානසාර හිමි හා රතන හිමිට කැපිල්ලක්!

මහනායක හිමිවරුන් ඉදිරියේ : අගමැතිගෙන් ඥානසාර හිමි හා රතන හිමිට කැපිල්ලක්!

මහනායක හිමිවරුන් ඉදිරියේ : අගමැතිගෙන් ඥානසාර හිමි හා රතන හිමිට කැපිල්ලක්!

පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීමට ඇතැම් භික්‍ෂූන් වහන්සේලා අරගල කරද්දී උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දක්වන සුවිසල් දායකත්වය සතුටට කරුණක් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, අංක 70, ගාලු පාර, කොළඹ 06 යන ස්ථානයේ ස්ථාපිත අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මහනුවර යුගයේදී පැවිදි උපසම්පදාව සමාජයේ එක් කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි ලෙස අමරපුර නිකාය බිහි වුණ බවටයි ශාසනික ඉතිහාසයේ සඳහන් වන්නේ. උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා.”

“ඒ අනුව කීර්තිමත් යතිවරයන් වහන්සේලා විශාල පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා. අමරපුර නිකායේ වර්තමාන උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ උන්වහන්සේ දහස් ගණනින් ධර්ම දේශනා පවත්වනු ලැබුවා.”

“අපේ මහනායක හාමුදුරුවෝ විශාල ශාසනික සේවාවක් ඉටු කරමින් සිටිනවා. උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. වර්තමානයේ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීම සඳහා අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවන් සිදුවනු දැකීම පවා සතුටට කරුණක්.”

“අභිනවයෙන් විවෘත කරනු ලැබූ අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය මෙරට සුවිශාල ශාසනික සේවාවක් සිදුකරන කේන්ද්‍රස්ථානයක් වේවා” යනුවෙන්ද පවසා සිටියේය.

Exit mobile version