Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය – මහාචාර්ය මයුර සමරකෝන්

මැටි ඇමති - ප්‍රසන්න රණවීර

මැටි ඇමති - ප්‍රසන්න රණවීර

මැටි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද?එහි වටිනාකම කුමක්ද? මැයෙන් ඊයේ දිනයේ මා දැමූ පෝස්ටුව ඉතා වැදගත් බව තේරුණේ අදය.

අද දින නාදුනනා දුරකතනයකින් කීපවරක්ම ලැබුන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට සිදුවූයේ බොහෝ පසුවය.ඒ අද ඩිප්ලෝමා පන්ති ඇරඹූ බැවින්‍ ය.

“සර්,මම ප්‍රසන්න රණවීර ඇමතිතුමාගෙ කාර්‍යාලයෙන්,ඇමතිතුමාට කතා කරන්න ඕනලු ඔබතුමා එක්ක.දැන් පුලුවන්ද?”ඉතා විනීත සම්බන්ධීකරණ ලේකම්වරයෙක් දුරකතනයේ අනිත් කෙළවරේය.
“ඔව්.පුලුවන්‍” යයි මගේ පිළිතුරත් සමග මා ඇමතුයේ ප්‍රසන්න රණවීර ඇමතිතුමාය.
“මහාචාර්‍යතුමා,මං දැක්ක ඔබතුමාගෙ පෝස්ට් එක,මට උදව් කරන්න,මං ඔබතුමා හමුවෙන්න එන්නම්”.බොහෝ අය ඔවුන් හමුවීමට දින දෙද්දී ප්‍රසන්න අමාත්‍යතුමා මගෙන් දිනයක්,වෙලාවක් ඉල්ලයි.ඒකනම් අපූරුම නිහතමානී කමකි.අනෙක් අතට තම අමාත්‍යාංශයට උදව් කරන ලෙස ජාතික විශ්වවිද්‍යාලයකට ආරාධනා කරයි.මෙයට පෙර මෙවන් ඉල්ලීමක් ලැබුනේ වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් සිටියදීය.අද ඔහුගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඔහු ගත් මග ගෙන ඇත.

මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ එම සටහන..


මහාචාර්ය මයුර සමරකෝන්

මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය.වහලට ඇස්බැස්ටස් කෑල්ලක් හෝ දැමීම දියුණු රටවල තහනම් කර ඇත. අපේ මැට්ටෙන් තනන දේශීය උළු ව්‍යාපාරය බිඳ වැටී ඇත.
“ඇස්බැස්ටස් හෙවිල්ලුවම ඉන්න බෑ රස්නෙයි” කියමින් ඉන්පසුව පිටරටින් ෆෑන් සහ ඒ.සී මැෂින් ආනයනය කරයි.ගෑස් ලිපට ඔරොත්තුදෙන වළං නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි නැතිනිසා චීන ඇලුමිනියම් භාජනවලින් උයමින් ඇලුමුනියම් මිශ්‍රිත ආහාර රසකරමින් අනුභව කරයි.

චීන ටයිල් ඇතිරූ පොලොවේ ඇති කෘත්‍රිම බව මැටි ටයිල් වල නැත.එහි ඇති සිසිළස කකුලට සුවදායකය.නමුත් මිළ අධිකය.ඒ නිසා චීන ටයිලය හොඳය.ගඩොල් මිළ අධික නිසා සහ ප්‍රමිතියකින් යුක්තව සොයා ගැනීම අපහසු නිසා සිමෙන්ති ගඩොලින් බැඳි බිත්තිවලින් වටවී සිටින මධ්‍යම පාන්තිකයෝ මැට්ටෙන් තනන ලද බිත්ති ඇති එකෝ පන්නයේ හෝටල් කාමරවලට ගොස් “මාර සැපක්නෙ ඒයි මේකෙ තියෙන්නෙ” කියමින් ලොකු බිලක් ගෙවති.
ගෙදර නිදන කාමරය හෝ මැට්ටෙන් කපරාදුකර තැනිය හැකිදැයි,වාස්තු විද්‍යාවෙන් කියා දිය හැකිය.ලක්සලේ ඇති මැටි කළ,පුන්කළස් මිල අධිකය.ඒවා වෙනම ව්‍යාපාරයකි.ගම් මට්ටමේ මෙවැනි ව්‍යවසායකයන් ඇති කළහොත් රස්සා නැති විශයන් ඉගෙනගත යුතු නැත.

කොටින්ම මැටිවැඩේ හරියට කලොත් ආනයන වියදම් අඩුකර අපනයන වියදම් වැඩිකළ හැකිය. Made In Srilanka යනුවෙන් නම කෙටූ මැටි කෝප්පවල සුද්දන් නෙස්කැෆේ බොනු ඇත.මැටි හට්ටිවල යවන මාතර මාලු ඇඹුල් තියල්,කොහිළ හෝ පොලොස් ගැට අච්චාරු සුද්දන්ගේ සුපර්මාකට් වල සුපිරි ඉල්ලුමක් තිබෙන කෑමක් වනු ඇත.මැටි ඇමතිධූරය හරියට කළොත් එතරම්ම ප්‍රබලය.

කොටින්ම මැටි ඇමතිතුමාට ගෝටාභය ජනාධිපති තුමා දී ඇත්තේ “පුලුවන්නම් විශය තේරුම්ගෙන කරල පෙන්වපං වැනි චැලේන්ජ් එකකි.දැන් ඇත්තේ චැලෙන්ජ් එක භාරගෙන වැඩේ වැඩක් විදියට හරියටම කර පෙන්වීමය. “

මහාචාර්ය මයුර සමරකෝන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Exit mobile version