Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරල් පරයක ගැටුණු නෞකාව නිසා ඉන්දියන් සාගරය දැඩි අවධානමක…

නෞකාව නිසා ඉන්දියන් සාගරය

නෞකාව නිසා ඉන්දියන් සාගරය

ජපානයේ සමාගමකට අයත් ඉන්ධන නැවක් ඉන්දීය සාගර කලාපයේ පිහිටි මොරිෂස් දූපත් රාජ්‍ය ආසන්නයේදී අනතුරට ලක් වී තිබේ. මේ හේතුවෙන්, එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බොරතෙල් ටොන් 4000ක් පමණ රැගත් මෙම නෞකාව මොරිෂස් දූපත් ආසන්නයේ පසුගිය ජූලි මස 25 වෙනදා අනතුරට ලක් විය.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, MV Wakashio යනුවෙන් නම් කර ඇති මෙම නෞකාව කොරල් පරයක ගැටීම හේතුවෙන් නෞකාව දෙකඩ වීමේ අවධානමක් ඇති බවයි.

 

එමෙන්ම මොරිෂස් රාජ්‍යයේ අගමැතිවරයා සඳහන් කළේ , මෝසම් කාලගුණ තත්ත්වයේ වර්ධනයත් සමඟ ඉදිරියේදී, නෞකාවේ පවතින අනෙක් ඉන්ධන ද සාගරයට මුසු වීමේ අවධානමක් පවතින බවයි. ඒ අනුව විද්‍යාඥයින් පවසන්නේ, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඉන්දීය සාගර කලාපයට එය දැඩි තර්ජනයක් වනු ඇති බවයි.


එපමණක් නොව මේ සම්බන්ධව පරිසරවේදීන් කියා සිටින්නේ, කාන්දු වූ ඉන්ධන හේතුවෙන් මොරිෂස් දූපත් සමූහය ආසන්නයේ පිහිටා ඇති වෙරළ තීරයට සහ කොරල්පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට දැඩි හානියක් ගෙන දෙමින් සිටින බවයි.

මෙම මහ විනාශයෙන් පරිසර පද්ධතිය සහ මොරිෂස් දූපත් වෙරළ තීරය බේරා ගැනීම සඳහා දහසකට අධික සහන සේවකයින් සාගරයට මුසු වූ බොරතෙල් ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටින අතර ප්‍රංශය ද සිය සහන කණ්ඩායම් ඒ සඳහා එක් කොට ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version