Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අංගජන් වැනි චන්ඩීන් දෙමළ ජනයාගේ නායකයන් ලෙස වර්ධනය කිරීම භයානක වේ!

අංගජන් වැනි චන්ඩීන් දෙමළ ජනයාගේ නායකයන් ලෙස වර්ධනය කිරීම භයානක වේ!

අංගජන් වැනි චන්ඩීන් දෙමළ ජනයාගේ නායකයන් ලෙස වර්ධනය කිරීම භයානක වේ!

මොහනා දර්ශනී දේශපාලනය තුළ දෙමළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වයි

විජයකලා මහේස්වරන්, ශශිකලා රවිරාජ්, ආනන්දි ශශිදරන් යන අය දෙමළ කාන්තා දේශපාලන පෞරුෂයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් කර, ඔවුන් ගේ සැමියන්ගේ නමින් ඡන්ද ඉල්ලා සිටීමත් ඔවුන්ට සිදුවන අසාධාරණයන් සඳහා ඔවුන්ගේ සැමියන්ගේ ක්‍රියා කලාපයන් ගැන සිතා හෝ යුක්තිය ඉටුකරවා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලීමත් ස්ත්‍රීවාදී දේශපාලනය නම්… කපුගෝනි ගබඩාවෙහිම වැඩ කරන්නයි තිබුණේ.

කාන්තාවන් දැන් කළ යුතුව ඇත්තේ ශශිකලා සම්බන්ධ කාරණයේදී සුමන්දිරන්ගෙන් පළිගැනීම සඳහා ඔහුව ඉත්තෙක් ලෙස භාවිතා කිරීමේ දේශපාලනය අවබෝධ කර ගැනීම සහ ඊට එරෙහිව දැනුවත් කිරීමය.

සුමන්දිරන්ට එරෙහිව ශශිකලා උසිගන්වා දේශපාලනයෙහි නියැලෙන්නන් ජාතිවාදයට උඩුගෙඩි දෙති. සුමන්දිරන්ට වඩා මුලින්ම විරුද්ධ විය යුත්තේ ඔවුන්ටය.

දේශපාලන දැනුමක් නොමැතිව දේශපාලනයට පිවිසෙන කාන්තාවන් පක්ෂ දේශපාලනයේ කිසියම් කෙනෙකුගේ වාසියට ඉත්තන් බවට පත්වන්නේ එලෙසිනි.

කාන්තාවන් දේශපාලනීකරණය කිරීම යනු මනාප දේශපාලනයට ඇදගෙන යාම නොවේ.
අවම වශයෙන් තමන් වටා සිදුවන දේශපාලන සෙල්ලම් පවා තේරුම් ගැනීමේ දැනුම වර්ධනය නොකර ඡන්ද ලබා ගෙන ඇති ඵලය කුමක්ද?

කුල හිංසනය පිළිබඳ කතා කළ විට දෙමළ ජනයා අතර භේදයක් ඇති කරන්න යන බව කෑගසන දෙමළ මිනිසුන්ම අංගජන්ව ශශිකලා හට සාධාරණය ඉටු කරන්නෙක් ලෙස ඉදිරිපත් කරති.

අංගජන් වැනි චන්ඩීන් දෙමළ ජනයාගේ නායකයන් ලෙස වර්ධනය කිරීම භයානක වේ. අභ්‍යන්තර පක්ෂ ගැටලුව විසඳීමට නොහැකිව ප්‍රසිද්ධියේ අපහාසයට ලක්වන්නන් දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට යෑම විහිළුවක්.

ප්‍රභාකරන් එන්නෙ නැතැයි ඔබලා සිතනවාද? ඔහු ආවිට සියලු ගැටලු විසඳනු ඇතැයි ශිවාජිලිංගම් පැවසීම සියල්ලටම වඩා හාස්‍යය ගෙන දෙන්නකි. කොපමණ කාලයක් දෙමළ ජනතාව රැවටීමට යන්නේද?

මෝහන දර්ශනී

Exit mobile version