Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් රැකියා ලබා ගත නොහැක, තාක්ෂණික විෂයන් හදාරන්න – ජනපති පවසයි.

ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

පාසල් සිසුන් වැඩි වශයෙන් තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා තමන්ගේ කාලය යෙදවිය යුතුයි යන්නත්, දේශපාලන විද්‍යාව වැනි විෂයන් හැදෑරීමෙන් රැකියා අවස්ථාවන් සලසා ගත නොහැකිය යන්නත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ගිය සතියේ කටාන ප්‍රදේශයේ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වූ අවස්ථාවේ, ශිෂ්‍යාවක් විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුර ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශිෂ්‍යයාව – අපි උසස් පෙළ විභාගයෙන් සමත් වූවත් z – score ක්‍රමවේදය නිසා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි විය. එනිසා මෙම විභාග ක්‍රමයේ වෙනසක් සිදු කර, වයස අවුරුදු 20 දී පමණ අපට අවශ්‍ය උපාධිය ලැබීමට සැලැස්විය හැකිද?

ජනාධිපති – ඔබ මොනවද හදාරන්නේ?

ශිෂ්‍යයාව – මම උසස් පෙළ විභාගයට පෙනී සිටියා. 2 වන වතාවෙත් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා.

ජනාධිපති – මොන විෂයන්ද හැදෑරුවේ?

ශිෂ්‍යයාව – දේශපාලන විද්‍යාව තමයි ඉගෙන ගත්තේ.

ජනාධිපති – ඔබලා තාක්ෂණික විෂයන් හැදෑරිය යුතුයි. දේශපාලන විද්‍යා විෂයන් හදාරා රැකියා අවස්ථාවන් ලබා ගත නොහැකියි. රැකියා අවස්ථාවන් ඇති විෂයන් තෝරා අධ්‍යාපනය හැදෑරිය යුතුයි.
-tamilwin-

Exit mobile version