Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැලිකඩට කුඩු ඇද්ද පූසා පැන යයි…

වැලිකඩ පූසා

වැලිකඩ පූසා

මැගසින් බන්ධනාගාරයට මත්කුඩු ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන කාමරයක රඳවාගෙන සිටි බළලා අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ පසුගිය (01) වනදා මැගසින් බන්ධනාගාරය අසලදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බළලා ය.

එම බළලා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඌගේ ගෙලෙහි බැඳි ඉටි කවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 07ක්, සිම් කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ්පතක් හමුවී තිබිණි.

එම හෙරොයින් සහ සිම් කාඩ් පත් ඇතුළු ද්‍රව්‍ය කා සඳහා ගෙන ගියේද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.

අදාල සිම් කාඩ්පතේ සහ මෙමරි කාඩ්පතෙහි දත්ත අනුව එය කා සඳහා ගෙනගියේද යන්න නිසැකවම දැනගැනීමට හැකිවනු ඇත.

කෙසේ වෙතත් මෙලෙස අතුරුහන්වී ඇති බළලා සොයා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයිද වාර්තා වේ.

Exit mobile version