Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ ජනතාව සම්බන්ධයෙන් මත විමසුමකට ජාත්‍යන්තර රටවල් ඉදිරිපත් විය යුතුයි – සී.වී.විග්නේස්වරන්

සී.වී.විග්නේස්වරන්

සී.වී.විග්නේස්වරන්

දෙමළ ජනතාව සම්බන්ධයෙන් මත විමසුමකට ජාත්‍යන්තර රටවල් ඉදිරිපත් විය යුතු බව උතුරු පළාත් හිටපු මහ ඇමති, දෙමළ ජනතා ජාතික පෙරමුණ පක්ෂයෙහි නායක සී.වී.විග්නේස්වරන් වවුනියාව නගර සභා සංස්කෘතික මණ්ඩපයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී පවසා සිටියේය.

මෙතෙක් දෙමළ ජනතාවට එරෙහිව සිදු වෙමින් පවතින අසාධාරණකම් සහ බලයේ සිටි ආණ්ඩු සිදු කළ නොසලකා හැරීම් ඉදිරියේ අපට ස්ථිර විසඳුමක් උදෙසා, දෙමළ ජනයාගේ සැබෑ කැමැත්ත කුමක්දැයි විමසීම සඳහා ජාත්‍යන්තරයේ මැදිහත්වීම අපේක්ෂා කිරීම හැර මාහට වෙන විකල්පයක් නැත.

දියුණුවෙමින් දිනෙන් දින වෙනස්වන ලෝකය 21 වන සියවසේදී ලොව පැරණිතම ජන කොටසක් වන දෙමළ ජනයාහට ලංකාවේ සැලසුම් සහගත ලෙස සිදුකරන අසාධාරණ ඉදිරියේ ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල්, එක්සත් ජාතීන්ගේ සංගමය නොසැලකිලිමත්ව සිටීම නොකළ යුතුයි. ඇතැම් රටවල් සිදුකළ මැදිහත්වීම යුද්ධයට පසුව නතර කර ඇත.

තවද පසුගිය 30 වසරක යුද්ධයෙන් අහිමි වූ දෙමළ ජනයාගේ ඉඩම්වලට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ අවුරුදු 10 තුළ අහිමි වී ඇත. එබැවින් දෙමළ ජනයා ජාත්‍යන්තරයේ මැදිහත්වීම හැකි ඉක්මනට අපේක්ෂා කරති. මත විමසුමක් සඳහා ජාත්‍යන්තරයේ මැදිහත් වීම වහාම අවශ්‍යයි. අපි හඩනගා පවසන පුවතද එයයි.

මත විමසුමක් මත ගොඩනගන විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා කල් ගතවේ නම් අන්තර් කාලීන විසඳුමක් හැකි ඉක්මනට ගෙන ඒමෙන් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පාලනය කරන අතර යුද්ධයෙන් බලපෑම්වලට ලක්වූ අය බලගැන්වීම් කල යුතු බව ඔවුන්ගෙන් අපගේ මැතිවරණ ප්‍රතිපත්ති තුළින් ඉල්ලා සිටින්නෙමු.

තවද ඇතැම් කුඩා පක්ෂවලට මුදල් ලබා දී උතුරු නැගෙනහිර පළාත්වල මැතිවරණයට තරග කිරීමට ආණ්ඩුව විසින් ඉදිරිපත්කර ඇත. එහි අරමුණ දෙමළ ජනතා ජාතික පෙරමුණ පරාජය කිරීම නොවේ. දෙමළ ජනතා ජාතික පෙරමුණ මැතිවරණයෙන් ජය ගැනීම ආණ්ඩුවේද කැමැත්ත වේ. තවද ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම්වලට මුහුණ දීම සඳහා දෙමළ ජනතා ජාතික පෙරමුණේ ජයග්‍රහණය රාජපක්ෂ රජයට අවශ්‍යව ඇත. පසු ගිය ජනාධිපති මැතිවරණයේදී අප රාජපක්ෂවරු සමග ක්‍රියා කළ අයුරු ජනතාව හොඳින් දනී. එබැවින් මේ පිළිබඳව ජනතාව හොඳින් තේරුම් කර ගෙන මැතිවරණයට මුහුණ දිය යුතු බවද පැවසීය.

-තමිළ්වින්

Exit mobile version