Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුස්ලිම් ජනතාවගෙන් ඡන්ද ඉල්ලා සිටීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ – ඉම්තියාස් බාකිර් මාකාර්

ඉම්තියාස් බාකිර් මාකාර්

ඉම්තියාස් බාකිර් මාකාර්

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මුස්ලිම් ඇමතිවරයෙක් නොමැති කැබිනට් මණ්ඩලයක් ප්‍රථම වතාවට මෙම ආණ්ඩුව පත්කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉම්තියාස් බාකිර් මාකාර් මහතා, කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ දී පැවති මැතිවරණ රැළියකදී මෙසේ පවසා ඇත.

රටේ ජීවත්වන සුළු ජාතියක් වන මුස්ලිම් ජනයාගේ නියෝජනයක් කැබිනට් මණ්ඩලයේ නොමැතිව රටක් ලෙස ඉදිරියට යෑමේ ගැටලු පවතී. මෙවැනි තත්වයක් උඩ රාජපක්ෂවරුන්ට මුස්ලිම් ජනතාවගෙන් ඡන්ද ඉල්ලා සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටවූ අමාත්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෆයිසර් මුස්තෆා හට අමාත්‍ය ධූරයක් ලැබේ යැයි අපේක්ෂා කල ද කිසිදු මුස්ලිම් නියෝජනයකට එම කැබිනට් මණ්ඩලයේ අවස්ථ‍ාක් නොලැබුණි.

නමුත් දැනට පවතින කැබිනට් මණ්ඩලයේ ඩග්ලස් දෙවානන්ද සහ ආරුමුගම් තොණ්ඩමන් වැනි අය පත්කර තිබුණි. මෑතකදී මිය ගිය ආරුමුගම් තොණ්ඩමන්, මිය යනතුරු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් ලෙස තනතුරු දැරුවේය.

කෙසේ වෙතත් 1977 සිට ශ්‍රී ලංකා රජයේ ඇමති මණ්ඩලවල මුස්ලිම් ඇමතිවරු ප්‍රධාන ඇමතිධූර දැරූහ. ද්‍රවිඩ ජනතා නියෝජනය සඳහා සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා පමණක් ඇමතිධූර දරා ඇත. පසු කාලවල ඩග්ලස් දේවානන්ද, පෙරියසාමි චන්ද්‍රසේකරන්, ආරුමුගම් තොණ්ඩමන්, මනෝගනේශන්, පළනි දිගාම්බරම්, ටී.එම්. ස්වාමිනාදන් යන අය ඇමතිවරුන් ලෙස ධූර දරා ඇති අතර රාජ්‍ය අමාත්‍යධූර ද නියෝජ්‍ය අමාත්‍යධූර ද දැරූහ.

-තමිළ්වින්

Exit mobile version