Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කරයි

පාලිත තෙවරප්පෙරුම

පාලිත තෙවරප්පෙරුම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පහරදීමෙන් ඔහුගේ අතක් ආබාධයට ලක්ව ඇති අතර එක් කකුලකට තුවාල සිදුවී ඇත.

බුලත්සිංහල කඳන ප්‍රදේශයේ සිට කළුතර දිස්ත්‍රික්කයට ජලය ගෙන යන ජල නල බට එලීමේ ව්‍යාපෘතියේ ප්‍රමිතිය පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගොස් තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි සේවය කරමින් කොන්ත්‍රාත් සමාගමේ පිරිසක් සහ ඒ මහතා සමග ගැටුමක් හටගෙන ඇති බවත් එහිදී මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරයා අද පස්වරුවේ පොලීසියේ මැදිහත්වීමෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පාලිත තෙවරප්පෙරුම
Exit mobile version