Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතු බව අස්ගිරි අනුනාහිමියෝ පවසති

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතුයි – පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතුයි – පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ අවධාරණය අවධාරණය කරති.

16 වන දින කොළඹ , තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ සමාජ ගිවිසුම එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුනාහිමියෝ මේ බව පැවසූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ වර්ථමානයේ රට අල්ලස සහ දූෂණය අතින් ඉහළම තැනකට පත්ව ඇති බවත්, මේ ධර්මද්වීපය අල්ලස සහ දූෂණයෙන් තොර රටක් බවට පත් කිරීමට දේශපාලන නායකත්වය ඇතුළු වගකිවයුතු සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවය.

මෙම අවස්ථාවට ත්‍රෛයි නිකායික අනුනාහිමිවරු ඇතුළු මහාසංඝරත්නය සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

නොවැම්බර් 16 ව්‍යාපාරයේ මෙහෙවර ප්‍රකාශය –

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ
මෙහෙවර ප්‍රකාශය
නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය යනු 69 ලක්ෂයකගේ එකතුවකි. එම එකතුවේ සියළු ජනයා නායකයින් මෙන්ම සාමාජිකයින්ද වේ. ඒ සැමගේ අරමුණ තමා විසින් නිර්මාණය කළ ජනවරම ශක්තිමත් කිරීමයි, ඒ ජනවරම නිර්මාණය කිරීමට මුල්වූ අපේක්ෂා ඉටුකර ගැනීමයි, තමා විසින් පත්කරනු ලැබූ නායකයාගේ අභිප්‍රාය සහ අධිෂ්ඨානය සඵලවනු දැකීමයි, ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටීමයි, අවශ්‍යනම් සටන් කිරීමයි.
නොවැම්බර් 16 ජනවරම ආරක්ෂා කළ හැක්කේ ඊට දායක වූ 69 ලක්ෂයකගේ අපේක්ෂාවලට ගරු කිරීම මගිනි, එම අපේක්ෂා යථාර්ථයක් බවට පත්කරන උපායමාර්ගික වැඩපිළිවෙලට දායකත්වය සහ නායකත්වය ලබාදීම මගිනි, එම වැඩපිළිවෙල සමාජගත කිරීම මගිනි, ඊට මහා සමාජයේ අනුමැතිය සහ සහයෝගය ලබාගැනීම මගිනි.
අද දින අප විසින් සිදුකරනු ලබන්නේ 69 ලක්ෂයක හදවත්වල කැකෑරෙන අපේක්ෂා උපාය මාර්ගික වැඩපිළිවෙලක් බවට පරිවර්ථනය කොට සමාජ ගිවිසුමක් ලෙස ඉදිරිපත් කිරීමයි. දැන් 69 ලක්ෂයේ එකා බැගින් වන වගකීම වන්නේ තමා මනාප ලබාදෙන මහජන නියෝජිතයා එම සමාජ ගිවිසුම සමග එකඟ කර ගැනීමයි. එකඟ නොවන්නේ නම් මනාප නොදී සිටීමයි. එසේම මනාපය දීමෙන් පසුව ගිවිසුමට අනුව නියෝජිතයා කටයුතු කරන බව සහතික කර ගැනීමයි, එම සහතිකයට නියෝජිතයා ගරු කරනවාද යන්න නිරතුරුව සොයා බැලීමයි, ගිවිසුමට අනුව වැඩ සිදුනොවන්නේනම් ප්‍රශ්න කිරීමයි, ගිවිසුම කඩ කරන්නේනම් අභියෝග කිරීමයි.
69 ලක්ෂයකට ඉතිහාසය විසින් පවරා ඇති එම වගකීම අන්කිසිවෙකුට පවරා බලා සිටිය නොහැක. එම වගකීම අප සැම විසින්ම ඉටුකළ යුතුයි. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී දුෂ්ඨ බලවේගවල ප්‍රාණ ඇපකරුවෙකු නොවන ආණ්ඩුවක් පිහිට කිරීමයි.
ජනපතිදුන්ගේ අධිෂ්ඨාණය සඵල කිරීම
Exit mobile version