Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා වසංගතය උච්ඡ අවස්ථාවකට පැමිණියහොත් මහ මැතිවරණය පැවැත්වේ ද?

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

” ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ බලපෑම දිගටම වැඩි වුවහොත් අගෝස්තු 5 වන දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වේ ද? නොවේද? යන්න එකළ තත්ත්වය අනුව තීරණය කරනු ලැබේ.” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු මේ පිළිබඳ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ,

” පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සැලසුම් කළ පරිදි අද සිට ආරම්භ වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ප්‍රදේශයේ මහ ලේකම් කාර්යාලයේ පමණක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කල් දමා ඇත.

වර්තමාන කොරෝනා වෛරසයේ බලපෑම දිගටම වැඩි වේද? නොවේද? නැතහොත් අගෝස්තු 5 වන දින සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වේ ද? යනාදී ප්‍රශ්න සඳහා පිළිතුරු මට දැන් ස්ථිරවම කිව නොහැක.

මොකද මම ජ්‍යොතිෂ්‍යවේදියෙක් නොවෙමි. මැතිවරණ කොමිෂන් සභාවට අනුව සැලසුම් කළ දිනට අදාළ වැඩ පිළිවෙල නිසි ලෙස සිදු කරන්නෙමු.

ඡන්ද දායකයින්ගේ ද අපගේ ද ආරක්ෂාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අතිශය වැදගත්කමක් ලබා දී අප අපගේ වැඩ කටයුතු කරගෙන යන්නෙමු” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
-tamilwin-

Exit mobile version