Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘වැලිකඩ ඝාතන නඩුවේ’ නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජනය කරයි – මහාධිකරණ පරිශ්‍රය තුළට ඇදගෙන යයි

Niyomal Rangajeewa

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, ඊයේ දින පෙරවරුවේ ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින්, ඔහුව ඇදගෙන ගොස් පොලිස්

මුරපොළ වෙත බාර දීමේ සිද්ධියක් වාර්තාවේ.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී ඔහු එසේ කටයුතු කර ඇත්තේ, අදාල මාධ්‍යවේදියා ඔහුගේ ඡායාරූපයක් ගැනීමට සුදානම් වූ අවස්ථාවේ දිය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප ශිල්පි අඛිල ජයවර්ධන පැවසුයේ, තමන් මාධ්‍යවේදියකු බව පවසමින් තම අනන්‍යතාවය පෙන්වා දුන්න ද නියෝමාල් රංගජීව තමාව ඇදගෙන ගොස් පොලිස් මුරපොලට බාරදුන් බවයි. එහිදී තමන්ගේ කැමරාවේ ජායාරුප ‘චිපයන්’ දෙක පොලිස් නිලධාරීන් විසින් ඉවත්කර ගත බවද ඔහු කියා සිටියේය.

ඊයේ පස්වරුවේ විභාගවූ වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් රංගජීව පෙනී සිටීයහ.

-lankatruth-

Exit mobile version