Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා කාලේ දීමනා තවමත් ගෙවා නෑ, හෙද ස්ථාන මාරු – අවුල් ජාලාවක්.

ලංකාව බේරා දෙන්න ස්වාමීන්වහන්සේලා අධිරාජ්‍යවාදීන්ගෙන් ආයාචනා කරන තරමට රාජ්‍ය පාලනය ගෙන යන තනි සිංහල බෞද්ධ ආණ්ඩුව

ලංකාව බේරා දෙන්න ස්වාමීන්වහන්සේලා අධිරාජ්‍යවාදීන්ගෙන් ආයාචනා කරන තරමට රාජ්‍ය පාලනය ගෙන යන තනි සිංහල බෞද්ධ ආණ්ඩුව

“කොරෝනා කාලේ දීමනා තවමත් ගෙවා නෑ.හෙද කාර්යමණ්ඩල ස්ථාන මාරු – අවුල් ජාලාවක්.” මුරුත්තෙට්ටුවේ හිමියෝත් වැඩ වර්ජනයකට සැරසෙති.

හෙද කාර්ය මණ්ඩල ස්ථාන මාරු වීම් ලබා දීමේ වැඩ සටහන අවුල් ජාලාවක් වී ඇති බවත්, රාජ්‍ය සහ පළාත් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සදහා විසදුම් ලබා දීමට රජය උනන්දුවක් නොදක්වන බවත්, රාජ්‍යසේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

ඊට අමතරව, කොරෝනා වසංගත අවදානම නොතකා රාජකාරියේ නිරත වූ හෙද කාර්ය මණ්ඩල සදහා ගෙවිය යුතු වූ ගෙවීම් මේ වනතෙක් සිදු කර නොමැති බවටද උන්වහන්සේ චෝදනා කරති.

මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන, අවශ්‍ය විසදුම් රජය මගින් ලබා නොදෙන්නේනම්, නුදුරේදී ම දැවැන්ත වැඩ වර්ජනයකට යන බව ඒ හිමියෝ පවසති.

Exit mobile version