Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුබසාධනයට බව පවසමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු සංගණනයක් අරඹයි

විදේශ රැකියා කාර්යාංශය

විදේශ රැකියා කාර්යාංශය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු සංඝණනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණ වන්නේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු ක්‍රමවත් කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පුරවා යොමු කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා බවත් තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා “011-2866002“ දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන ලෙස ඉල්ලා සිටී.

මේවනවිට විදෙස් ගත වී සිටින ශ්‍රමිකයන්ගෙන් බොහෝ පිරිසක් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. විදෙස්ගත ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් සිටින මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රමිකයන්ගේ තත්ත්වය ඉතා අයහපත් බව ඔවුන් විවිධ ක්‍රම හරහා එවන පණිවිඩවලින් කියවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ වාර්තා අනුව මේවනවිට මැද පෙරදිග කලාපයේ පමණක් ශ්‍රමිකයන් 23 දෙනෙක් කොරෝනා හේතුවෙන් මිය ගොස් තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් ගෙන්වා ගැනීමට තබා ඔවුන්ට සහන සැලසීමට හෝ වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නැත. එම ශ්‍රමිකයන් සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවූවන් වන නිසා ඔවුන් සතු තොරතුරු කාර්යාංශය සතුව පවතියි. දැන් මේ අවසන් මොහොතේ සුබසාධන සැලසීමට යයි කියමින් සංගණන කරමින් කාලය කා දැමීම නොව අවම වශයෙන් තානාපති කාර්යාල මට්ටමින් හෝ මැදිහත්වී එම ශ්‍රමිකයන්ට අවශ්‍ය සහන සැලසීමයි.
-lankaviews-

Exit mobile version