Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනුර කුමාර දිසානායක මහතා අද ජනාධිපති කොමිසම හමුවට පැමිණේ…

අද (23) උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කොමිසම විසින් සිදු කර තිබූ කැඳවීමකට අනුව ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව “ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම” මගින් සිදු කළ විමර්ශනයකට වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පාර්ශව 17ක් පසුගියදා නම් කරනු ලැබීය.

එම නම් කිරීම අනුව අද දිනයේ මොවුන් කොමිසම හමුවේ පෙනී සිටියහ.

නමුත් එහිදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සාක්ෂි දීමකින් තොරව ජනාධිපති කොමිෂන් සභාව හමුවෙන් පිටව ගියේ ය.

Exit mobile version