Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිරු මාධ්‍යයේ පලවූ පුවතක් නිසා පොතුවිල් නගරය යුද පිටියක් වෙයි

පොතුවිල් මුහුදු මහා විහාරය අවට මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශ ආණ්ඩුව සතු කර ගැනීමට යන බව හිරු මාධ්‍ය හරහා පෙර දින(16/17) ප්‍රචාරය වූ පුවතක් නිසා එම ප්‍රදේශයේ ඊයේ දිනයේ(19/06/2020) මහජන විරෝධයක් හා නොසන්සුන්තාකාරී වාතාවරනයක් ඇති විය.

මේ පිළිබඳ ව නීතිඥ මුශාරෆ් මහතා මාධ්‍යට මෙසේ කරුණු පැහැදිලි කර තිබේ.

“මුහුදු මහා විහාරය අසල පෙදෙස් ජනතාව විසින් අල්ලා ගැනීමට යන බවට හිරු මාධ්‍ය හා එම විහාරයේ හාමුදුරුවන් විසින් මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර මුදා හරිනවා. එතන වෙන ඇත්ත ප්‍රශ්නය නෙවෙයි හවස ප්‍රවෘත්තියේ දාන්නේ. මාධ්‍ය දුූෂණය කරන්න එපා. මාධ්‍ය කියන්නේ ජනතාවගේ විශ්වාසයයි. නමුත් මාධ්‍ය හරහා යවලා තියෙන්නේ බොරු ප්‍රචාර. මුහුදු මහා විහාරය එදා සිට අද දක්වා ආරක්ෂා කරන්නේ අපි. ඒ විතරක් නෙවෙයි එතන ආරක්ෂා කරන්නෙත් මුස්ලිම් මුරකරුවෙක්. සිංහල මිනිස්සු ඒ අවට නෑ. කවුරුත් ඒක ආරක්ෂා කරලත් නෑ. ඒත් අපි ඒක ආරක්ෂා කරලා තියෙනවා. නමුත් මේකේ ජාතිවාදය අවුස්සලා මෙහෙ ඉන්න මුස්ලිම් ජනතාව සම්බන්ධව වැරදි ප්‍රචාර මාධ්‍ය හරහා යවලා මේ තුළින් ප්‍රශ්න ඇති කරන්න එපා. අපි සියලු දෙනා ජාති බේද වලින් තොරව ජීවත් වෙමු. ඒ වගේම ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමු.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝව පහතින්

https://srihanda.lk/wp-content/uploads/2020/06/lawyer-musharraf-pottuwil.mp4
Exit mobile version