Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

BBC, CNN, Zoom ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි 200කට ආසන්න සංඛ්‍යාවකට සයිබර් ප්‍රහාරයක්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි රැසක හැකර්වරුන් විසින් අනිෂ්ට කේත (Malicious Code) තැන්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

BBC, CNN, Zoom, HSBC, Salesforce සහ Equifax ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න ප්‍රමාණයක් මෙම සයිබර් බලපෑමට ලක්ව තිබෙනවා.

මෙම අනිෂ්ට කේත හේතුවෙන් අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයින්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි සයිබර් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

Exit mobile version