Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියා ශාන්තිකර කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි – චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වුණා. අද (18) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ Qianhai ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ එම සමාරම්භක උත්සවයේදී ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රධාන දේශනය සිදු කළා.

ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමගම APEC සංවිධානය බිහි වූ බවත්, එය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණටම ගෙන ඒමට දායක වූ බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නා. විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමින්, පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා සඳහන් කළා.

ඒ වෙනුවෙන්, සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ තත්ත්වය සුරක්ෂිත කිරීමත් විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැගීමත් සිදුකළ යුතුයි. එමෙන්ම නවෝත්පාදනය මූලික කරගත් වර්ධනය දිරිමත් කළ යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල කරා යන මාර්ග පුළුල් කිරීම ද කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දී තිබෙනවා.

චීනයෙන් ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට අතිවිශාල පරිමාණ විවෘත වෙළඳපොළ අවකාශයක් සැපයෙනු ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා. ලෝකයේ විශාලතම මධ්‍යම ආදායම් ලබන කාණ්ඩය ඇතුළත් චීනයට ආයෝජන හා පරිභෝජන අංශයන්හි දැවැන්ත විභවයක් පවතිනවා.

චීනය ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට යහපත් අනාගතයක් සහිත සංවර්ධන අවස්ථා සලසන බව හෙතෙම පෙන්වා දුන්නා. නවීකරණ කර්මාන්ත පද්ධතිය ගොඩනැඟීම කඩිනම් කරමින්, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය හා කර්මාන්ත නවෝත්පාදනය පුළුල් ලෙස ඒකාබද්ධ කිරීමට චීනය කටයුතු කරනවා. ඉන් ගෝලීය සමාගම්වල තාක්ෂණ නවෝත්පාදනය හා සංවර්ධනය වෙනුවෙන් බලවත් ගාමක බලවේගයක් බිහි කෙරෙන බව ෂී ජින්පිං මහතා පැවසුවා.

Exit mobile version