රැකියා ලබාගැනීමේ අරමුණින් සංචාරක වීසා මත විදේශගතවීමෙන් වළකින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ, මැලේසියාව, ඩුබායි සහ ඕමානය ඇතුළු විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පාර්ශවයන් විසින් ලබාදෙන පොරොන්දු මත සංචාරක වීසා මගින් විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි.
විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ අන්‍යන්‍යතාව තහවුරු කරගැනීම සදහා මෙරටින් පිටත්ව යෑමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසිලෙස ලියාපදිංචි වී, නීත්‍යානූකූල ක්‍රියාපටිය පමණක් අනුගමනය කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

