Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉහළ යන ජීවන වියදම සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ විරෝධතා රැල්ලක්

යුරෝපය පුරා පැතිර යන ශිෂ්‍ය විරෝධතා රැල්ලට එක්වෙමින් ජර්මනියේ බර්ලින් අගනුවර ඇතුළු නගර 30 කට අධික ප්‍රමාණයක දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල පිහිටි ‘Platz des 18 Maerz’ නම් ස්ථානයේදී මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ජීවන වියදම ඉහළ යාම, අධ්‍යාපන අංශයේ කප්පාදුව සහ මිලිටරි බඳවා ගැනීම් සම්බන්ධයෙන් කලකිරී සිටින තරුණ පරම්පරාව මෙලෙස වීදි බැස ඇති බවයි.

“Gen Z Regelt” නමින් හැඳින්වෙන සංවිධාන සන්ධානයක් විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර, නගර 34 ක විරෝධතා සඳහා පුද්ගලයින් 180,000 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

බර්ලින් නගරයේ පමණක් 5,000 කට අධික පිරිසක් විරෝධතාවට එක් වූ බව ජර්මන් පොලිසිය පවසන අතර, සංවිධායකයින් සඳහන් කළේ රට පුරා ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වූ බවයි.

මූලාශ්‍රය – අල්ජසීරා

Exit mobile version