මහනුවර-මාතලේ ප්රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ ප්රදේශයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
සිමෙන්ති පටවාගත් ලොරි රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් 7 වන කිලෝමීටර කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
අනතුරත් සමඟ මහනුවර-මාතලේ ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, එම ප්රදේශයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.
අකුරණදී සිමෙන්ති ලොරියක් වාහන කිහිපයක ගැටී බරපතල අනතුරක්: 4ක් මරුට, කිහිපයකට තුවාල!

