වැලිගම, කප්පරතොට වෙරළ තීරයේ උර 6ක තිබී හෙරොයින් බවට සැකකෙරෙන විෂ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික තොගයක් සොයා ගෙන තිබේ.
ඒ පොලිසි විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා වෙරළ ආරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.
එම ස්ථානයේ තිබී සැටලයිට් දුරකථන 2 ක් හා ස්ටාර්ලින්ක් පද්ධතියක් ද සොයාගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.

