ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස විපුල් මිශ්‍රා (Vipul Misra) මහතා අද (සැප්තැම්බර් 9) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව සහ ගුවන් සේවා නායකත්වය පිළිබඳ දශක දෙකකට වැඩි අත්දැකීම් ඇති මිශ්‍රා මහතා, එයාර් ඉන්දියා (Air India), විස්තාරා (Vistara), ඉන්ඩිගෝ (Indigo), ස්පයිස්ජෙට් (SpiceJet), කිංෆිෂර් (Kingfisher Airlines) සහ එයාර් ඩෙකෑන් (Air Deccan) ඇතුළු ප්‍රමුඛ පෙළේ වාණිජ ගුවන් සමාගම් රැසක සේවය කර ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ කාර්යසාධනය සහ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන මෙම යම් කාල සීමාව තුළ, පූර්ණ සේවා සහ අඩු පිරිවැය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඔහුගේ පුළුල් පළපුරුද්ද ශක්තිමත් තාක්ෂණික හා මෙහෙයුම් මඟපෙන්වීමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

