Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එල්ලිනෝව ප්‍රබල වී ජලගැලුම් අවදානමක් – චීන දේශගුණික මධ්‍යස්ථානය

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල්නිනෝ තත්ත්වය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ එය ඉදිරි මාස කිහිපයේදී ප්‍රබල “ප්‍රබල එල්නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා ඇති අතර, මෙහි බලපෑමෙන් ඉදිරි සරත් ඍතුවේදී චීනයේ ප්‍රදේශ රැසකට, විශේෂයෙන්ම ජියැන්ග්නන්, නිරිතදිග ප්‍රදේශ සහ යැංසි ගංගා ද්‍රෝණියට සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයක් හා ගංවතුර තර්ජන ඇතිවිය හැකි බවට එරට ජාතික දේශගුණ මධ්‍යස්ථානය පුරෝකථනය කරයි.

පසුගිය ගිම්හානයේදී ද චීනය පුරා වැසි කුණාටු 15ක්, ටයිෆූන් සුළි සුළං සහ ස්ථාන 44ක වර්ෂාපතන වාර්තා අලුත් වෙමින් සාමාන්‍යයට වඩා 2%ක වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබූ අතර, ඉදිරි වසරේදී මෙම එල්නිනෝ බලපෑම තවදුරටත් තීව්‍ර වෙමින් මධ්‍යම සහ නැගෙනහිර චීනයට දැඩි ගංවතුර මෙන්ම ප්‍රබල උණුසුම් තරංග (Heatwaves) එල්ල වීමේ ඉහළ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version