Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට: SriLankan ‘එයාර් බස් ගනුදෙනුව’ යනු කුමක් ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

ඒ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ය.

නාමල් රාජපක්ෂගේ නීතිඥවරයෙකු වන නිශාන්ත දයානන්ද ප්‍රකාශ කළේ, ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බව ය.

Exit mobile version