Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් 29 වන ගුණගරුක සමරුව වෙනුවෙන් ගුවන්විදුලියෙන් විශේෂ වැඩසටහන් පෙළක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු ලෙස සේවය කළ දිවංගත දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් ශ්‍රීමතාණන්ගේ 29 වන ගුණානුස්මරණ දිනය නිමිත්තෙන් විශේෂ ගුණකථන වැඩසටහන් පෙළක් විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කටයුතු යොදා තිබේ.

2026 සැප්තැම්බර් 10 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ මුස්ලිම් සේවාවන් ඔස්සේ මෙම ගුණකථන විකාශය කිරීමට නියමිතය.

එදින ප්‍රචාරය වන වැඩසටහන් කාලසටහන පහත පරිදි වේ.

සිංහල සේවය (ප.ව. 01.15): FM 91.7 / 91.9 (ගුණකථනය: නීතිඥ තාරක නානායක්කාර මහතා)

ඉංග්‍රීසි සේවය (ප.ව. 07.00): FM 97.4 / 97.6 / 90.1 (ගුණකථනය: පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති ෆවුසර් ෆාරුක් මහතා)

දෙමළ සේවය (ප.ව. 07.30): FM 102.1 / 91.9 (ගුණකථනය: නීතිඥ එම්.සී.එම්. මුණීර් මහතා)

මුස්ලිම් සේවය (ප.ව. 08.05): FM 102.3 / 102.1 (ගුණකථනය: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අහමඩ් මුනවෆර් මහතා)

Exit mobile version