Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​කොළඹ වරායේදී රුපියල් කෝටි 800ක අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනෙයි

කොළඹ වරායෙන් ඇල්ලූ කන්ටේනරය ඇතුළේ කිලෝ 463ක අයිස් මත්ද්‍රව්‍ය, වටිනාකම කෝටි 800කට අධිකයි

කොළඹ වරායෙන් ඇල්ලූ කන්ටේනරය ඇතුළේ කිලෝ 463ක අයිස් මත්ද්‍රව්‍ය, වටිනාකම කෝටි 800කට අධිකයි

කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න බව පොලීසිය පවසයි.

ඒ අනුව එහි වටිනාකම රුපියල් කෝටි 800කට අධික වනු ඇති බව වන බව සඳහන්ය.

අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් ඒකාබද්ධව අදාළ වැටලීම සිදු කර ඇත.

එහිදී සැකසහිත බහාලුම් දෙකක් පරීක්ෂා කර ඇති අතර රේගුවේ උපකාරය මත ඒවා විවෘත කිරීමට කටයුතු කර මත්ද්‍රව්‍යවල බර කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව මේ දක්වා කිලෝග්‍රෑම් 463ක් බවට ඒවා ගණන් බලා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පැවසීය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version