Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තබාගත් ඖෂධ පෙති 400ක් සමඟ සැකකරුවෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) දින නාවික හමුදාව සහ පොලීසිය එක්ව අනුරාධපුරය මාතලේ මංසන්දිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරයි.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතන වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව අනුරාධපුර පොලීසිය හා එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගත් ඖෂධ පෙති 400ක් සමග අවුරුදු 25ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

නාවික හමුදාව පැවසුවේ මෙම ඒකාබද්ධ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බවයි.

Exit mobile version