මෙරට කෘෂි නිෂ්පාදනවලට පවතින විදෙස් ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යංශය සඳහන් කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ පමණක් කෘෂි නිෂ්පාදනවල අපනයන වර්ධනය 20% කින් පමණ වැඩි වී ඇති බවයි.
පොල් ආශ්‍රිත නිෂ්පාදන 42%ක් අපනයනය කර ඇති අතර පලතුරු 21%ක්, එළවළු 20%ක්, අපනයනය කර ඇති බව සඳහන් වේ.
ඉදිරියේදී මෙරට වැඩි වශයෙන් කෘෂි ක්ෂේත්‍රය සඳහා ආයෝජනයන් සිදුවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන ලදි.
කාබනික නිෂ්පාදන සඳහා එහිදි වැඩි අවස්ථාවක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

