Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පින්තූර සමාජ මාධ්‍ය හරහා විකුණන මාර්ගගත ජාවාරමක්

සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්

සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්

පාසල් සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප හා ඇතැම් දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා මුදලට අලෙවි කිරීමේ සංවිධානාත්මක මාර්ගගත (Online) ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ලැබී ඇති සියලු තොරතුරු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) වෙත ඉදිරිපත් කර ඇති අතර විමර්ශන ක්‍රියාත්මක වේ.

අදාළ සමාජ මාධ්‍ය සමූහ (Groups) සහ ගිණුම් අතුරින් බොහොමයක් විදෙස් රටවල සිට මෙහෙයවන බවට හඳුනාගෙන තිබේ.

යම් තැනැත්තෙකු මෙම ජාවාරමට ගොදුරු වී ඇත්නම් ඔවුන් මනෝ සමාජීය උපදේශනය සහ අවශ්‍ය නෛතික සහාය වෙත යොමු කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි. ඒ සඳහා පහත ගාස්තු රහිත කෙටි දුරකථන අංක හඳුන්වා දී ඇත:

1938 – කාන්තා සහාය සේවාව
1929 – ජාතික ළමාරක්ෂක අධිකාරිය

Exit mobile version