Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් කෝටි 7ක හෙරොයින් සහ අයිස් සමඟ අඹුසැමි යුවළක් මාතරදී අත්අඩංගුවට

රු. කෝටි 7ක මත්ද්‍රව්‍ය රූපලාවන්‍ය ආයතනයකින් සොයාගනී; අඹුසැමි යුවළක් අත්අඩංගුවට

රු. කෝටි 7ක මත්ද්‍රව්‍ය රූපලාවන්‍ය ආයතනයකින් සොයාගනී; අඹුසැමි යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි 07ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹුසැමි යුවළක් අද(27) මාතර දුම්රිය පොළ පාරේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ, ලද තොරතුරකට අනුව එම රූපලාවන්‍ය ආයතනය වටලා සිදුකළ පරීක්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මාතර සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතාට ලද තොරතුරකට අනුව, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ වැටලීම සිදුකර තිබේ.

එහිදී මාතර වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 45ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර, ඔහුගේ 26 හැවිරිදි බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06ක් ද සොයාගෙන ඇත.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් හයලක්ෂ විසිපන්දහසක මුදලක්, ඉලෙක්ට්‍රොනික තරාදි දෙකක් සහ ජංගම දුරකථන හතරක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් 25,000ක මුදලකට අලෙවි කර ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වී තිබේ.

Exit mobile version