Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය සේවකයන්ට රාජකාරී වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම්: දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ චක්‍රලේඛයක්

දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනමක්

දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනමක්

රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ චක්‍රලේඛයක් අද (26) නිකුත් කර තිබේ.

ඇතැම් නිලධාරීන් සහ සේවකයන් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ ප්‍රවණතාවක් හඳුනාගෙන ඇති බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.

මෙසේ සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මඟී ආරක්ෂාව සහ ආයතනික විනය බරබතල ලෙස අවධානමකට ලක්වන බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

මෙම නව චක්‍රලේඛයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශවයකට හෝ මාධ්‍ය වෙත ලබා දිය හැකි වන්නේ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තොරතුරු නිලධාරියාට පමණයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අදාළ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version