Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​දැඩි වියළි කාලගුණය නිසා යාල වනෝද්‍යානයේ 1 සහ 2 කලාප මාසයකට තාවකාලිකව වසා දැමීමට තීරණයක්

යාල යන්න බලාගෙන ඉන්න අයට වැදගත් නිවේදනයක්

යාල යන්න බලාගෙන ඉන්න අයට වැදගත් නිවේදනයක්

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප(Blocks 1 & 2) සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මෙම කලාප දෙක සංචාරකයින් සඳහා වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ පරිසර පද්ධතිය සහ වනජීවීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

Exit mobile version