Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වෙයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

ඒ එම පනත් කෙටුම්පත අද දින (20) පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුවය.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරන ලදී.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින් වයස අවුරුදු 16ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එමෙන්ම, වයස අවුරුදු 16ට වැඩි එහෙත් අවුරුදු 18ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි හා කොන්දේසි රැසක්ද මෙම පනත මඟින් පනවා තිබේ.

Exit mobile version